Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලා සයිටම් සිසුන් 80 ගෙන් අයදුම්පත්

අහෝසි කරන ලද මාලඹේ සයිටම්  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ තවත් සිසුන් 80 දෙනෙකු ලියාපදිංචිය ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉල්ලුම්පත් යොමුකර තිබේ. මීට පෙර සයිටම් පෞද්ගලික වෛද්‍ය...

View Article


බහුතරය ඇත්නම් රනිල් ඇර වෙන කෙනෙකු යෝජනා කරන්න එජාපෙට පුළුවන්

තම ජීවිත කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා ඇත්තේ අද(25) පස්වරුවේ විදේශීය මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් අමතමිනි. එසේම...

View Article


රවීන්ද්‍ර විජේගුනරත්න ගැන CIDයට ප්‍රකාශ ලබාදුන් ලුතිනන් කමාන්ඩර් ලක්සිරිට මැර...

කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැගවී සිටීමට ආධාර අනුබල ලබා දීම ඇතුළු චෝදනා...

View Article

තායිවාන ජනාධිපතිනිය ඉල්ලා අස්වෙයි

තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය මෙම තීරනය ගෙන ඇත්තේ පැවති ප්‍රාදේශීය මැතිවරණයකින් සිය පක්ෂය පරාජය ලැබීමෙන් අනතුරුවය. තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙන් ප්‍රජාතන්ත්‍රවාදී...

View Article

තෙල් මිලට එරෙහි ප්‍රංශ විරෝධතා තවදුරටත්

ඉහළයන ඉන්ධන මිලට එරෙහිව ප්‍රංශයේ අඛණ්ඩව විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් පවතී. ඉන්ධන මිල ඉහළයාමට එරෙහිව සිදුකරන විරෝධතා මාලාවේ තවත් පියවරක් ඊයේ පැරිස් නගරයේ දී පැවැත්විණි. පැරීසියේ සුප්‍රකට ෂාම්ප්ස් –...

View Article


ජවිපෙ තීරනාත්මක ඡන්දයෙන් මහින්දගේ අයවැය සීතාවකින් පරාදයි

මහින්ද පිල හා එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවාගෙන තිබෙන සීතාවක නගර සභාවට 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වී ඇත. එයට පක්ෂව ඡන්ද 11ද විරුද්ධව ඡන්ද 12ක්ද ලැබී ඇත. වසර ගණනාවක් එක්සත් ජාතික පක්ෂය...

View Article

නාවික හමුදා මූලස්ථානයේදී මැර ප්‍රහාරයට ලක්වූ නිළධාරියා සේවයෙන් ඉවතට?

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු මැරයන්ගේ ප්‍රහාරයට ලක් වූ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතා නාවික හමුදා සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. සිය ජීවිත ආරක්ෂාව පතා මේ...

View Article

දූෂණයට විරුද්ධයි කියන ජනාධිපති ලොකුම හොරාට අගමැතිකම දුන්නා…

තමන් කටයුතු කරන්නේ දූෂණයට විරුද්ධවයැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම පට්ටපල් බොරුවක් බවත් දූෂණයට විරුද්ධ යැයි පවසන ජනාධිපතිවරයා ලොකුම හොරකම්, දූෂණවලට සම්බන්ධ පුද්ගලයාට අගමැති කම ලබා දී ඇති බවත් ජනතා...

View Article


නීති විරෝධී අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට එරෙහි රීට් ආඥාවක් ඉල්ලූ පෙත්සම සළකා...

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමන්ත්‍රණකාරී ලෙස පත් කළ නීති විරෝධී අගමැතිවරයාට සහ ඇමති මණ්ඩලයට විරුද්ධව කටයුතු කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122 දෙනෙකු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ...

View Article


නීතී විරෝධී ආණ්ඩුවෙන් රුපියලට හාස්කමක් කරයි

මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) රුපියල් 181 සීමාව ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 181.54ක්...

View Article

මිග් යානා ගනුදෙනුවේදී ඩොලර් මිලියන 07ක වංචාවක් වෙලා

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා ලැබ සිටින මිග් යානා ගනුදෙනුවේදී ඩොලර් මිලියන 07ක වංචාවක් සිදුවී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්...

View Article

මෛත්‍රීගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසටි නිවේදනය අවලංගු කරන මෙන් ඉල්ලා පාර්ෂව ගණනාවක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු...

View Article

ඉන්ධන ප්‍රවාහන දුම්රිය වර්ජණය අවසන්

ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ඊයේ (26) පස්වරු 04ට ආරම්භ කර තිබූ වර්ජණය අද (27) පෙ. ව. 10 පමණ සිට අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වනවිට ඉන්ධන බෙදාහැරීම ආරම්භ වී ඇත. ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියැදුරෙකුට...

View Article


මන්නාරම සමූහ මිනී වළේ කැනීම් 105 වන දිනට යළි අරඹයි

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනී වළෙහි කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නැවත 105 වන දිනට අද (27) ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ...

View Article

රේගුව රාජසන්තක කළ ඩොලර් නිදහස් කරන්නැයි කියූ බව මහින්ද පිළිගනියි

මෙරට සිට නීති විරෝධී ලෙස ඉරානය වෙත රැගෙන යමින් සිටියදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 53,455ක මුදලක් වහාම නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝග කළ බව සඳහන් කරමින්...

View Article


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අද (27) CIDයට

කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාසල් සිසුන් ඇතුළු තරුණයක් 11 දෙනකු පැහැරගොන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් හට රැකවරණය...

View Article

නීතිවිරෝධී ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද (27) පස්වරු 01.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ විය. මේ වනවිට පාර්ලිමේන්තුව ආරම්භ වී ඇති අතර මන්ත්‍රීවරු විසින් පසුගිය දිනවල සිදු වූ කුමන්ත්‍රණය සහ පාර්ලිමේන්තුවේ...

View Article


ගෝඨා ඇතුළු 07කට එරෙහි කෞතුකාගාර නඩු දෙසැම්බර් 04 කල් යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව තිබුණද එය  අවලංගු කර විත්තිය...

View Article

රවීන්ද්‍ර විජේගුණරත්න අදත් CIDය මගහරියි

(දෙවන සංස්කරණය) තමන්ට අද (27) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කිසිදු දැනුම් දීමක් කර නැතැයි කියමින් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නැවතත් අපරාධ...

View Article

හිටපු ගමන් ෆෝන් එකෙන් එන්ටර් ද ඩ්‍රැගන් බලනවා –කේ.ඩී. ලාල්කාන්ත

ජනතා විමුක්ති පෙරමුණට මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතය ගැන නිල මතයක් තියෙනවාද? දේශපාලනය ඉලක්ක කරගත් ඍජු මාතෘකා තමයි බොහෝ වෙලාවට සාකච්ඡා වෙන්නේ. ආදරය, විවාහය, ලිංගිකත්වය වගේ සංස්කෘතික මාතෘකා විෂයන් විදියට...

View Article
Browsing all 8428 articles
Browse latest View live