ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් සංවිධානය කරන විරෝධතාව පෙබරවාරි 20 දින පැවැත්වේ. එදින පෙරවරු 10 ට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්‍යාලය පිහිටි කොල්ලුපිටියේ, DFCC ගොඩනැගිල්ල ඉදිරිපිටදීද, මධ්‍යාහ්න 12 ට පරිසර අමාත්‍යාංශය පිහිටි බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන […]
↧
සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වැනිදා දවස පුරා
↧
ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සමුළුවට සමාජවාදී ශිෂ්‍ය සංගමය එක්වෙයි
ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංගම් සමුළුව පෙබරවාරි 15 වැනිදා සිට දින තුනක් පුරා ඇතැන්ස් නුවරදී පැවති අතර ඊයේ(17) දින එහි අවසන් සමුළුව පැවැත්විණි. ග්‍රීක කොමියුනිස්ට් පක්ෂ මූලස්තානයේ සමුළු ශාලාවේදී පැවැති මෙම තෙදින සමුළුව සඳහා රටවල් 30ක පමණ විදෙස් නියොජිතයන් සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා මේ […]
↧
↧
යුරෝපා සංගමය බැංකු කටයුතු සඳහා අවධානම් රටක් ලෙස ලංකාව නම් කරයි
මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවධානම් පවතින ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම් කිරීමට යුරෝපා සංගමය කටයුතු කර තිබේ. ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව එක්කර ඇත. 2019 වසර සඳහා රටවල් 23ක අසාදු ලැයිස්තුවක් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති අතර එහි […]
↧
“ජනතා මුදල් ජනතා සේවයට”–ජවිපෙන් බදුල්ලට ප්‍රතිපාදන රැසක්
“ජනතා මුදල් ජනතා සේවයට” නමින් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට වෙන්වූ උපමාන පාදක සංවර්ධන ප්‍රධාන පසුගිය 16 වනදා ජනතාවට බෙදා දීම සිදුවිය. ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මෙම ප්‍රතිපාදන බෙදාදීමේ අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. බෞද්ධ […]
↧
කතානායක නිල නිවසට ගිය හොර සාකච්ඡා
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් වංචාව, දූෂණය, නාස්තිය ගැන වචනයක්වත් කතා නොකරන තරම් ය. එපමණක් නොව මහජන මුදල් කාබාසිනියා කරන ජනතා ද්‍රෝහීන්ට විරුද්ධව කි‍්‍රයා කරන ආයතන එකිනෙකට විරුද්ධව අවි අමෝරා අවසන් ය. මේ වන විට ද එවැනි ආයතන කීපයක් ම සමතලා කොට අවසන් ය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිදර්ශනයකට දැක්විය හැකි ය. දැන් මේ ආයතන […]
↧
↧
පාර්ලිමේන්තු කළහයේ වාර්තාව 20 පාර්ලිමේන්තුවට
පසුගිය වසරේ නොවැම්බර් 15, 16, 17 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහය සම්බන්ධව සකස් කර ඇති විමර්ශන වාර්තාව ලබන 20 වැනිදා සභාගත කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තව දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය නොවැම්බර් මාසයේ දේශපාලන කුමන්ත්‍රණකාරී වාතාවරණය තුළ පාර්ලිමේන්තු […]
↧
කෝටි 4ක තීරුබදු වංචාවේ සැකකරු රිමාන්ඩ් – 16 වැනිදා තීන්දුව ප්‍රමාද දෝශයක්
ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් රුපියල් කෝටි 4ක තීරු බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කරගැනීමේ සිද්ධියට අදාලව පසුගිය දා ඇප මත නිදහස්වූ නූර්දින් රසාලි අහමඩ් නැමැති සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වැනිදා මෙම බීඩිකොළ තොගය රේගු අත්අඩංගුවට පත්වූ අතර ඉන් රටට අහිමිවීමට ගිය බදු ආදායම රුපියල් කෝටි 4ක් බව රේගුව […]
↧
ත්‍රස්ථ ප්‍රහාරයට ඉන්දියාවෙන් ප්‍රති ප්‍රහාර
ඉන්දීය විශේෂ පොලිස් බලකා බස් රථයකට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයට ඉන්දියාව ඊයේ (17) ප්‍රති ප්‍රහාර එල්ලකර තිබේ. පසුගිය 14 වැනිදා කාෂ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ලකළ මරාගෙන මැරෙන ත්‍රස්ථ ප්‍රහාරයෙන් ඉන්දීය සෙබලුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඊයේ ඉන්දියානු ආරක්ෂක අංශ ජයිෂ් – ඉ – මොහොමඩ් ත්‍රස්ථවාදීන් ඉලක්ක කර ගනිමින් පැය 12ක් පුරා […]
↧
භික්ෂූන් වහන්සේ ඇතුළු නාඋල ජන නායකයන් නිදොස් කොට නිදහස්
මොරගහකන්ද හා කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ තම දේපල අහිමිවී අවතැන්වුවන් සදහා සාධාරණ වන්දි මුදලක් ඉල්ලා ඉකුත් 2015.07.11 හා 12 දිනයන්හි මොරගහකන්ද ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය හා උපවාසය අතරතුර නාඋල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් නියෝගයක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයේ ඇප නියෝග මත සිටි ප්‍රදේශයේ ප්‍රකට භික්ෂූන් වහන්සේ ඇතුළු ගොවි නායකයින් 23 දෙනෙකුට එරෙහිව පවරන […]
↧
↧
රත්ගම ව්‍යාපාරිකයන් පැහැරගැනීමේ සිද්ධියට සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
ගාල්ල රත්ගම තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දකුණු පළාත භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මක පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ඔහු කටයුතු කරමින් සිටියේය. රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු […]
↧
කෝටි 4ක රේගු වංචාව සම්බන්ධව නිලධාරීන් දෙදෙනෙකුට අනිවාර්ය නිවාඩු
ටොන් 12ක බීඩි කොළ තොගයක් බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කරගැනීමට යාමේදී අත්අඩංගුවට පත් සිද්ධියට අදාලව සහකාර රේගු අධිකාරීවරයෙකු සහ රේගු පරීක්ෂකවරයෙකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ අද(18) කරුණු දක්වා තිබේ. සිද්ධියට අදාලව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන ඒකකය පැවැත්වූ පරීක්ෂණයක තොරතුරු අනුව අදාල සහකාර රේගු […]
↧
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යොමුවියයුතුයි
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටුකිරීමේ වැඩපිළිවෙලට යොමු විය යුතු බව විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 40ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත සූර්ය විදුලි බල උද්‍යානයේ ප්‍රථම අදියරේ කටයුතු නිරීක්ෂණයට ඊයේ (17) එක්වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදමස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර […]
↧
ශ්‍රී ලාංකිකයන් අතර සහයෝගය වර්ධනය කිරීමට එතෙර අපෙන් කැරම් තරඟයක්
රියාදි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර සහයෝගය වර්ධන කිරීමේ අරමුණෙන් පවත්වන ලද කැරම් තරඟයක් පසුගිය 16 වනදා රියාද් එතෙර අපි සංවිධානය විසින් සංවිධානය කර තිබේ.
↧
↧
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මැදිහත්වීමෙන් ලොකු ලූණු බිජ ගොවියාට හිග මුදල් ලැබෙයි
දේශීය ලොකු ලූණු වගා ප්‍රවර්ධන වැඩ සටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉකුත් යල් කන්නයේ ලොකු ලූණු වගාව සදහා දේශීය ලොකු ලූණු බිජ නිෂ්පාදකයින්ගෙන් රජය මිලදී ගත් බිජ කිලෝ ග්‍රෑම් 1,000කට ආසන්න ප්‍රමාණයකට ලැබියයුතු රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදල් ඉදිරි සති තුනක් ඇතුළත ගෙවා දැමීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා […]
↧
මොරගහකන්ද ව්‍යාපෘතියෙන් අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් වූ සටන ජයගත්තේ ජවිපෙ නිසයි
මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් සෘජුවම වගා බිම් අහිමිවන ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබාගෙන නැවත පදිංචි කරන බිම් වෙත යාම සඳහා ගෙන ගිය අරගලය මේ වනවිට 90%කින් ජය ගෙන ඇති බවත් තම සටන ජයගැනීමට ජනතා විමුක්ති පෙරමුණෙන් ලබා දුන් ශක්තියට ධෛර්යයට ස්තුතිය පුද කරන බවත් නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ආර්.ඒ.ඩි ජයතිලක මහතා සඳහන් කරයි. මේ […]
↧
දකුණු පළාත් උපාධිධාරී ගුරු, සංවර්ධන නිලධාරී පත්වීම් ගැටලු විසඳනු !
දකුණු පළාත් ගුරු පුරප්පාඩු බඳවාගැනීම් වලදී උපාධිධාරීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවත්, සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු නොකිරීම හා HNDE ඩිප්ලෝමාධාරීන්ට දකුණු පළාත තුළ පමණක් ගුරු පත්වීම් ලබා නොදීම යන ගැටලු පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ(18) තංගල්ලේදී පැවැත්විණි. මේ සදහා රැකියා විරහිත උපාධිධාරී සංගමය සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන්ගේ එකමුතුව සහභාගි විය. මාධ්‍ය හමුව […]
↧
පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත රක්ෂිත බන්ධනාගාරයට
බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා අද (19) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. බූස්ස රත්නඋදාගම ගම්මානයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් වින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු 10ට පමණ මෝටර් රථයකින් […]
↧
↧
අද රාත්‍රියේ සුපිරි චන්ද්‍රයා ශ්‍රී ලංකාවටත් පායයි
සාමාන්‍ය චන්ද්‍රයාට වඩා 6%ක විශාලත්වයකින් සහ 14%ක දීප්තියකින් යුක්තව අද(19) රාත්‍රියේ චන්ද්‍රයා දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ලොව පුරා බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද මෙම සුපිරි චන්ද්‍රයා දර්ශනය වේ. අද රාත්‍රී 9.23ට මෙරට වැසියන්ට මෙම සුපිරි චන්ද්‍රයා දැක ගැනීමේ හැකියාව පවතී.
↧
අද මේ ඉන්නේ සබුද්ධික, විචාරාත්මක, සංස්කෘතික, ශිෂ්ට ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා එක්රැස් වුණු මහා සෙනඟක්
“සබුද්ධික ශ්‍රී ලංකාවක්, විචාරාත්මක ශ්‍රී ලංකාවක්, සංස්කෘතික ශ්‍රී ලංකාවක්, ශිෂ්ට ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා එක්රැස් වුණු මහා සෙනඟක්. ගමින් ගමට යනකොට ඔබ කියූ කරුණු මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සංග‍්‍රහ වෙලා තියෙනවා.” යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අද (19) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ජාතික විද්වත් සංවිධානයේ සමුළුව අමතමින් පැවසීය. එහිදී, ජතික විද්වත් […]
↧
රැකියා දෙන්නේ පගාවට –මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා
“ඇමැතිවරු මට රැකියා දෙන්නේ නැහැ. ඒ නිසා පාක්ෂිකයන්ට සලකන්න විදිහක් නැහැ. ලැබුණු රැකියා හරියට බෙදුවා නම් කළුතර රැකියා ප්‍රශ්නය ඉවරයි. විපක්ෂයට වැඩ කරපු අයට රැකියා මුදලට විකුණලා කියලා මට ආරංචියි. මම පාක්ෂියකුට රැකියාවක් ගන්න ලිපියක් දුන්නම එතැන වැඩේ වෙන්නේ සල්ලිවලට. මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා” යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසයි. […]
↧