වසර 71ක් තිස්සේ පවත්වාගෙන පැමිණි, ජනතාවත් රටත් දිනෙන් දින පරිහාණියට පත්වන වත්මන් සමාජ, ආර්ථික ක්‍රමය සම්බන්ධයෙන් ඊයේ (12) රාත්‍රියේ පැවති සිරස සටන දේශපාලන වැඩසටහනේදී ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා ඉතා හැඟීම් බරවත් ඉතා විග්‍රහශීලීවත් අදහස් දැක්වීමක් සිදු කරන ලදී. විවාදයට සහභාගී වූ අනෙකුත් නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයන් සිල්ලෝම මීයට පිම්බාක් […]
↧
“මේ බලු කුණ දැන්වත් වළදාමු”
↧
පොලිස් කොස්තාපල්ට පහරදුන් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටි බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (13) අධිකරණයට ඉදිරිපත් වු අතර ඔහු රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කර තිබේ. ඉකුත් 10 වැනිදා මෙම […]
↧
↧
මන්නාරම් සමූහ මිනීවලේ කාල නිර්ණ වාර්තාව අද
මන්නාරම් සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි සාම්පලවල කාල නිර්ණ වාර්තාව අද(14) ලැබීමට නියමිතව ඇත. මෙරට හමුවූ විශාලතම සමූහ මිනීවල ලෙස සැළකෙන මන්නාරම් සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි කොටස් පසුගිය ජනවාරි 25 වැනිදා ඇමරිකාවේ ෆ්ලොරීඩාහි පිහිටි බීටා ඇනලිටික්ස් ආයතනය වෙත ලබාදුන් අතර එම සාම්පල අයත් කාල වකවානුව සම්බන්ධ වාර්තාවේ ඊ පිටපතක් අද දිනයේ ලැබීමට නියමිත බව, […]
↧
අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට පාකිස්ථාන රජයෙන් සම්මානයක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පාකිස්තාන රජයන් පිරිනමන නිෂාන් ඊ ඉමිතියාස් සම්මානයෙන් පිදුම් ලබාතිබේ. ඊයේ(13) පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි පැවති උත්සවයකදී පාකිස්ථාන ජනාධිපති අරිෆ් අල්වි මහතා අතින් රවින්ද්‍ර විජේගුණරත්න මහතා වෙත මෙම සම්මානය පිරිනමා තිබේ. ඒ රවින්ද්‍ර විජේගුණරත්න මහතා මේ දිනවල අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය සඳහා සහභාගීව සිටින අතරතුරය. නිෂාන් ඊ ඉමිතියාස් සම්මානය විදෙස් රටවල […]
↧
නියං සහනාධාර නොදුන්නාට පොල්පිතිගම ගොවියෝ මානවහිමිකම් කොමිසමට පැමිණිලි කරති
පසුගිය කාලයේ නියඟයෙන් පීඩාවිඳි පොලිපිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිජනතාව සඳහා අවශ්‍ය නියං සහනාධාර ලබානොදීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු එම ප්‍රදේශයේ ගොවි ජනතාව නීතීඥ සුනිල් වටගල මහතා මගින් අද (14) දින මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. එහිදි නාමල් කරුණාරත්න මහතා අවධාරණය කර සිටියේ පොලිපිත්ගම ප්‍රාදේශීය ලේකම්වරිය චක්‍රලේඛ උල්ලංඝණය […]
↧
↧
යාන්ත්‍රික කියත්වලටත් ජනපති අත තියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත සියලුම යාන්ත්‍රික කියත් සඳහා ලියාපදිංචිය කිරිම ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනිවාර්ය කර ඇත. වන විනාශය, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරිම සහ ගස් කැපිම නියාමනය කිරිම මෙහි අරමුණ වි ඇති බව පැවසේ. එම ලියාපදිංචිය පෙබරවාරි 20 වැනිදා ආරම්භ කරන අතර සියලුම ලියාපදිංචි කිරීම් දින 08ක් ඇතුළත් එනම් පෙබරවාරි 28 […]
↧
අයතා උපයාගැනීම් පිළිබඳ මහින්දානන්දට එරෙහි නඩුව මාස 04කට කල්යයි
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ක‍්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශූද්ධීකරණ පනත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුව ලබන ජුනි මස 13 වැනිදා කඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (14) නියෝග කර ඇත. මෙම […]
↧
ජනපති විවේචනය කළ මාධ්‍යවේදිනිය ඩොලර් 1900ක ඇප මත නිදහස්
පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටේට් මහතා විවේචනයට ලක් කිරීම හේතුවෙන් අත්අඩංගුවේ පසුවූ පිලිපීන ජාතික සම්මාන ලාභී මාධ්‍යවේදිනී මාරිසා රෙසා මහත්මිය ඇපමත මුදාහැර තිබේ. පිලිපීන ජනාධිපතිවරයා විවේචනයට ලක්කරමින් ලිපි පලකල බවට මාරිසා මහත්මියට චෝදනා එල්ලවූ අතර එරට සයිබර් අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(13) මාධ්‍යවේදිනිය අත්අඩංගුවට ගත්තේය. පිලිපීන ජාතික විමර්ශන කාර්යාංශ රැඳවුම් බාරයේ තබාගත් මාධ්‍යවේදිනිය අද අධිකරණයට ඉදිරිපත් […]
↧
සේනා සමග තවත් වසංගතයක් –ආණමඩුව අක්කර 50කට ආසන්න ගොයම විනාශයි
ආණමඩුව කරඹෑව මහ වෙල් යායේ පැතිරී යන පුරුක් පණු වසංගතයෙන් මේ වනවිට අක්කර 50කට ආසන්න ගොයම දැවැන්ත විනාශයකට ලක්ව ඇති තිබේ. ගොවීන් පවසන්නේ මේ වනවිට තම කුඹුරු පුරුක් පණු වසංගතයෙන් අස්වැන්නක් ලබා ගත නොහැකි ආකාරයට විනාශ වීමත් සමඟ තමන් අසරණ බවට පත්ව ඇති බවයි. කරඹෑව මහ වෙල් යායේ ගොවියෝ පවසන්නේ පුරුක් පණු වසංගතය මේ වනවිට […]
↧
↧
ප්‍රසන්නට සහ බිරිඳට එරෙහි අල්ලස් නඩුව යළි විභාගයට
මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ යළි විභාගයට ගෙන තිබේ. මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි විශ්‍රාමික යුධ හමුදා මේජර් විමල් ප්‍රනාන්දු මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම අද අවසන් කරගෙන ඇත. මෙම නඩුවේ […]
↧
ආනන්දි ශෂිදරන් දේශපාලනයට සමුදීමේ තීරණයක
උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය දේශපාලනයට සමුදීමට තීරණය කර ඇත. 2013 වසරේ දෙමළ ජාතික සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වූ ආනන්දි ශෂිදරන් මහත්මිය උතුරු පළාත් සභාවේ පුනරුත්තාපන සහ වනිතා කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර පසුව ඇය උතුරු පළාතේ වෙසෙන ජනතාව සම්බන්ධව සිදුකළ ප්‍රකාශ ඇය නියෝජනය කළ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ විවේචනයට ලක්විය. පසුව ආනන්දි […]
↧
රාජ්‍ය ආයතන තුළ වංචා දූෂණ සෙවීමේ කොමිසම වැඩ අරඹයි
2015 ජනවාරි 14 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන තුළ සිදුවූබව පැවසෙන දූෂණ වංචා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඊයේ(14) රැස්ව තිබේ. දූෂණ වංචා සම්බන්ධ පැමිණිලි 48ක් සඳහා කොමිසමේ අවධානය යොමුව ඇති අතර පැමිණිලි 2ක් සම්බන්ධව මූලික විමර්ශන සිදුකිරීමට ඊයේ තීරණය කර තිබේ. යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු […]
↧
ආදරයට දෑවැදි නැති කුලමල නැති හෙටක් !
ආදරයට දෑවැදි නැති, කුලමල නැති හෙටක් නමින් සමාජවාදී තරුණ සංගමය, අළුත් පියාපත් ඇතුලු සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කළ ගීතමය සැඳෑවක් ආදරවන්තයන්ගේ දිනය යෙදුණු ඊයේ(14) දින සංවිධානය කර තිබුණි. කොළඹ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කේන්ද්‍රකර ගනිමින් මෙය පැවැත්වුණ අතර වැලන්ටයින් දිනය ව්‍යාපාරයක් කර ගනිමින් ආදරණීයයන් ගසාකන දිනයක් බවට පත්ව ඇතිබව එහි රැස්ව සිටි තරුණ තරුණියන් ජනතාව […]
↧
↧
ධීවර සංස්ථා සේවකයින්ගෙන් රතු එළියක්
ලංකා ධීවර සංස්ථා සේවක වැටුප්, අතිකාල, කොමිස් මුදල්, තේ වියදම් හා වෛද්‍ය නිවාඩු දිමනා ගෙවිමේදී ප‍්‍රධාන කාර්යාලය හැර අනෙකුත් සියලූම විධායකයන්හි ගෙවිම පැහැර හැරීමෙන් සේවකයන් ජීවත්විම පිළිබද ගැටලුවකට මුහුණ දී ඇති බව ලංකා ධීවර සංස්ථාව සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. ධීවර සංස්ථාව ලෙස ඉහත සඳහන් ගෙවීම් ලබාදීමට ඇති වගකීමෙන් බැහැර විමට හැකියාවක් සංස්ථාවට නොමැති අතර […]
↧
විමල්ගේ හොර පත්වීම් ලිපි සමෘද්ධි නිලධාරීන් 4500ක් රවටයි
පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා ඇතිකර ගනු ලැබූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍ය විමල් වීරවංශ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්හට ලබාදුන් ස්ථිර පත්වීමේ ලිපිය නෛතික භාවකින් තොර ලිපියක් බව ප්‍රාතමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පවසා ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි. මැතිවරණයක් අපේක්ෂාවෙන් සමෘද්ධි සේවකයින් 4500ක පිරිසක් මේ […]
↧
සිම්බාබ්වේ රන් පතලක අනතුරකින් කම්කරුවන් 23ක් මරුට
සිම්බාබ්වේ රන් පතලක් තුළ සිරවී පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරත දිගින් පිහිටි ප්‍රදේශයක පවත්වාගෙන ගිය නීති විරෝධී රන් පතලක මෙම අනතුර සිදුව ඇත. ප්‍රදේශයේ හටගත් ගංවතුර තත්වයක බලපෑමෙන් පතල තුළ රන් කැනීමේ නිරතව සිටි කම්කරුවන් පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. පොම්ප භාවිත කරමින් ජලය ඉවත් කිරීමේ කටයුතු […]
↧
පුත්තලමේ හර්තාල් – 2000කට අධික කඩ සාප්පු වසා දැමෙයි
ඉදිකරමින් පවතින අරුවක්කාලු කසල අංගනයට විරෝධය පළකරමින් පුත්තලම නගරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අරුවක්කාලු කසල අංගනයට විරෝධය පළකරමින් පසුගිය 13 වැනිදා සිට කළු දිනය ලෙසට නම් කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වූ අතර අද(15) දින නගරයේ 2000කට ආසන්න සියලුම කඩ සාප්පු වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. පුත්තලම නගරයේ ආපන ශාලා, වෙළඳ සැල්, ඖෂධ […]
↧
↧
පොල්පිටිය ගම්වැසියෝ බ්‍රෝඩ්ලන්ඩ් ගොඩනැගිල්ලක් අත්පත් කරගනිති
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කැලණි ගඟ හරස් කර ලංකා විදුලි බල මණ්ඩලය මඟින් ඉදිකරන පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතියේ උමග කැණීම් හා එහි කටයුතු නිසා දේපළ හානියට පත්වීම හේතුවෙන් වන්දි නොලැබුණ ජනතාව අද (15) එම ජලවිදුලි ව්‍යාපෘතියට අයත් පරිපාලන ගොඩනැඟිල්ල බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබේ. කැලණි ගඟ හරස් කර ඉදිකරන පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතියේ උමග […]
↧
රූපවාහිනී වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව පාලනාධිකාරියෙන් පොලිසියට පැමිණිල්ලක්
ජාතික රූපවාහිනී සේවයේ රැකියාවේ නියුතු සේවක වෘත්තීය සමිති නායකයන් 07දෙනෙකුට එරෙහිව එම රූපවානී පාලනාධිකාරිය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අද (15) කුරුඳුවත්ත පොලිසියෙන් කැඳවීමක් සිදුර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන ජාතික රූපවාහිනියේ සිදුව ඇති වංචා හා දූෂණවලට එරෙහිව සහ සේවකයන් අරබයා අත්තනෝමතිකව දියත් කර කර ඇති අසාධාරණයටත් පාලනාධිකාරියේ […]
↧
අමල් –නදිමාල් 28 තෙක් රිමාන්ඩ්
ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ. සතියක රැඳවුම් නියෝග යටතේ ඩුබායි පොලිස් භාරයේ සිටි ගායක දෙපල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව ඔවුන් වෙනුවෙන් ඩුබායි වෙත ගොස් සිටින නීතීඥ ෂාබ්දික වෙල්ලපුලි මහතා පැවසීය. ගායක දෙපලගේ දෙවැනි ලේ […]
↧